දියවැඩියාව නිට්ටාවට සුව කරන්නට බැරිද?
දියවැඩියාවත් සීනිත් අතර ඇති සම්බන්ධය කුමක්ද?

2015-11-05 10:11:00       723
feature-top
අපේ සිරුර තැනී ඇතති කෝටී සංඛ්‍යාත ජීවී සෛලවලට ශක්තිය ලබා ගැනීම සඳහා ග්ලූකෝස් නැමැති සරල සීනි වර්ගය අත්‍යවශ්‍යයි. සෑම සෛලයක් කරාම ග්ලූකෝස් අණු ගෙන යනු ලබන්නේ රුධිරය මඟිනුයි. අප ආහාරයට ගනු ලබන සීනි, පැණි, බත්, පාන්, අල, බතල, බිස්කට්, කේක්, ටොෆි, චොකලට් වැනි කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයට අයත් ආහාර වර්ග ආමාශය සහ බඩවැල තුළදී සරල ග්ලූකෝස් සීනි අණු බවට පත් වෙනවා. එම ග්ලූකෝස් අණු ආහාර මාර්ගයෙන් උරා ගෙන රුධිරය මඟින් අප සිරුර තැනී ඇති මූලික ඒකකය වන සෛල කරා ගෙන යනවා. මෙසේ සෛල කරාගෙන එන ග්ලූකෝස් අණු සෛල ඇතුළට ඉබේම ඇතුල් වෙන්නේ නැහැ. ඒ සඳහා අග්න්‍යාසයේ පිහිටි බීටා සෛල මඟින් නිෂ්පාදනය කොට රුධිරයට මුදා හරිනු ලබන ඉන්සියුලින් නැමැති හෝමෝනය අත්‍යවශ්‍යයි. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ අග්න්‍යාශය මඟින් නිසි අයුරින් ඉන්සියුලින් නිෂ්පාදනය වන්නේ නැහැ. එක්කේ අග්න්‍යාසයේ ඇති බීටා සෛල මඟින් ප්‍රමාණවත්ව ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ නැහැ.

එසේත් නැත්නම් එමඟින් නිෂ්පාදනය කරනු ලබන ඉන්සියුලින් නිසි අයුරින් සෛලවලට උරා ගන්නේ නැහැ.

මේ නිසා සිදු වන්නේ අප සිරුරේ කෝටි සංඛ්‍යාත සෛලවලට ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය ග්ලූකෝස් අඩු වී යාම නිසා අධික විඩාව, ඇලී මෑලි දුබල ගතිය හා තෙහෙට්ටුව ඇති වීමයි. ඉහළ නගින ග්ලූකෝස් සීනි වකුගඩුවලදී පෙරී අධික ලෙස මුත්‍රා පිටවන නිසා ඒ තැනැත්තාට අධික පිපාසයක් ඇති වෙන්නත් පුළුවනි.

රුධිරයේ ඇති සීනි ප්‍රමාණය දිගුකලක් තිස්සේ ඉහළ මට්ටමක පැවතුනහොත් එමඟින් ස්නායු දුර්වල වීම හා රුධිර වාහිනී දුර්වල වීම සිදුවන්නට පුළුවනි. එවිට අංශභාගයට, හෘදයාබාධ, අත් පා හිරි වැටීම, වේදනාව සහ සුව නොවන තුවාල ඇති වීමටත් එමෙන්ම ලිංගික ප්‍රදේශය තුවාල වීම හා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්නත් පුළුවනි.

සීනි අධිකව පවතින තැන්වල ලෙහෙසියෙන් බැක්ටීරියා සහ දිලීර ආසාදන ඇතිවිය හැකි නිසා දියවැඩියා රෝගීන්ට මුත්‍රා ආසාදන, චර්ම රෝග, මුඛ ආසාදන වැනි ඕනෑම ආසාදනයක් ලෙහෙසියෙන් වැළඳිය හැක.

දියවැඩියා රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?

සියයට පනහක් පමණ රෝගීනට (විශේෂයෙන් මුල් අවුරුදු කිහිපය තුළ) රෝග ලක්ෂණ දක්නට ලැඛෙන්නේ නැහැ. අනෙක් අය පෙන්වන රෝග ලක්ෂණ නම්, අධික ලෙස මුත්‍රා පහ කිරීම, නින්දෙන් නැඟිට මුත්‍රා පහ කිරීම, අධික පිපාසය, අධික බඩගින්න, ඇඟ කෙට්ටු වීම, වියළි සම, කැසීම, ලිංගික ප්‍රදේශ වන වීම, අතපය හිරි වැටීම හා වේදනාව, කෙණ්ඩ පෙරලීම, තුවාල සුව වීමට කල් ගත වීම, අධික තෙහෙට්ටුව, ඇලී මැලී දුබල ගතිය, ඇස් පෙනීම දුර්වල වීම, මල බද්ධය, ලිංගික අප්‍රාණිකත්වය යන ඒවාය.

නිවැරදිව දියවැඩියාව හඳුනාගත හැකි ක්‍රමය මොකක්ද?

ලෙහෙසියෙන්ම දියවැඩියා රෝගය හඳුනාගත හැකි ක්‍රමය නම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගැනීමයි. පැය 12ක් පමණ නිරාහාරව සිට බලන රුධිර ග්ලූකෝස් මට්ටම (ත‍ඊී) ලෙසත් ආහාරයක් ගෙන පැය දෙකකට පසුව මනින ග්ලූකෝස් මට්ටම පෝස්ට් පැරන්ඩියල් බ්ලඩ් ෂුගර් (ඡඡඊී) ලෙසත්, දවසේ ඕනෑම වේලාවක ගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම රැන්ඩම් බ්ලඩ් ෂුගර් (ඍඊී) පරීක්ෂණය ලෙසත් නම් කර තිඛෙනවා.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ ත‍ඊී මට්ටම රුධිරය ඩෙසී ලීටරයට මිලිග්‍රෑම් - පට/ාක 125ට හෝ ඊට අඩුවෙනුත් ඡඡඊී  මට්ටම 200ට අඩුවෙනුත් ඍඊී මට්ටම 180ට අඩුවෙනුත් තිබිය යුතුය.

පසුගිය මාස 3තුළ සිරුරේ පැවති සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම හඳුනාගත හැකි ක්‍රමය නම් ්‍යඉAෂක‍  නැමැති පරීක්ෂාවයි. එය තරමක් මිල අධික පරීක්ෂණයක් වුවත් රුධිර ග්ලූකෝස් මට්ටම පරික්ෂා කිරීම සඳහා වූ වඩා නිවැරදි පරික්ෂාකි. සාමාන්‍ය කෙනෙකුගේ ්‍යඉAෂක‍  මට්ටම 6% ට වඩා අඩු විය යුතුය. කෙනෙකුගේ ්‍යඉAෂක‍  මට්ටම 6.5%ට වැඩි නම් ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.

ග්ලූකෝස් මීටරය පිළිබඳව හැඳින්වීමක් කළොත්,

දියවැඩියාව හඳුනා ගැනීම සඳහා මෙන්ම ප්‍රතිකාර කිරීමේදී ඉතාමත් වැදගත් වන්නේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය මැන බැලීමයි. ඒ සඳහා රෝගීයාගේ සාක්කුවේ රැගෙන යා හැකි අයුරින් නිපදවා ඇති ග්ලූකෝමීරටය දියවැඩියාව පාලනය සඳහා ඉතාමත්ම වැදගත්. ලැන්සට් කටුවකින් ඇඟිල්ලක් විද ලබා ගන්නා රුධිර බින්දුවක් ස්ට්‍රීප් එකක් මඟින් ග්ලූකෝමීටරයට ඇතුල් කර තත්පර කිහිපයකින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය දැන ගැනීමට පුළුවනි. රුධිර මට්ටම අනුව තමන් ගන්නා ඖෂධයේ මාත්‍රාව (පෙති හෝ ඉන්සියුලින් නික්ෂේපණ) රෝගියාටම තීරණය කරන්න පුළුවනි. රෝගියා ළඟ තබා ගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම දැක්වෙන වාර්තාව වෛද්‍යවරයාට පෙන්වීමෙන් තමන්ගේ රෝගය පාලනය පිළිබඳව නිවැරදි තීරණයක් ගැනීමටත් පුළුවනි. ඒ නිසා සෑම දියවැඩියා රෝගියෙකු විසින්ම ග්ලූකෝමීටරයක් භාවිතා කිරීම ඉතා වැදගත්.

දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බැරිද?

බැහැ. කළ හැක්කේ දියවැඩියාව පාලනය කිරීම පමණයි. එමඟින් දියවැඩියා රෝගීන්ට සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකියි. ඒ සඳහා,

1. ආහාර පාලනය හෙවත් සීනි, පිටි, තෙල් අඩු එළවළු, පලතුරු, පලාකොළ වැඩිපුර ගැනීම

2. ව්‍යායාම හෙවත් සතියකට 3 වරක්වත් ඇඟ වෙහෙසවා වැඩ කිරීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ක්‍රීඩාවන්ගේ යෙදීම

3. මෙට්ෆොමින්, ටොල්බියුටමයිඩ්, ග්ලයික්ලසයිඩ්,ග්ලිපිසයිඩ්,පයොග්ලිටසෝන්, ඇකාබොස් වැනි පෙති වර්ග භාවිතය.

4. ඉන්සියුලින් නික්ෂේපණ (ඉන්ජෙක්ෂන්) ලෙස ගැනීම වෛද්‍ය උපදෙස් අනුව කළ යුතුයි.

හැම කෙනෙක්ම අනිවාරයෙන්ම ඖෂධ ලබා ගත යුතු නැහැ. සමහර අයට ආහාර පාලනය සහ ව්‍යායාම පමණක් ප්‍රමාණවත්.

කිසියම් කෙනෙක් දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකියි කියනවා නම් ඔහු බොරුකාරයෙක් නැත්නම් වංචනිකයෙක්, කලින්කලට විකල්ප වෛද්‍ය ක්‍රම යැයි පවසමින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්නට ඉදිරිපත් වන වංචාකාරයන් අප කොතෙකුත් දැක තිඛෙනවා. අවසානයේදී සිදුවන්නේ රෝගීන් රවටා මුදල් ගරාගෙන එම වංචාකාරයන් පොහොසත් වීමත් රෝගීන් වල පල්ලට යාමත් පමණයි.

මෙට්ෆොමින් පෙති ගත්තම වකුගඩු නරක් වෙනවාද?

නැහැ. එකේ ඇත්තක් නැහැ. එහෙත් වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට සහ හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට මෙට්ෆොමින් පෙති ලබා දෙන්නේ නැහැ. මෙට්ෆොමින් කියන්නේ තරබාරු අයට ලබාදිය හැකි රුධිරයේ ග්ලූකෝස් මට්ටම අනවශ්‍ය ලෙස පහළ නොදමන ඉතාමත් හොඳ ඖෂධයක්.

අවාසනාවට මෙන් සමහර අයට එය ගැනීම නිසා බඩේ අමාරුව ඇති වෙනවා. එවැනි අතුරු ආබාධ ඇතිවෙන අය පමණක් මෙට්ෆොමින් නොගෙන සිටීමයි කළ යුත්තේ.

Courtesy : Wishmaya.com

More News »