බර අඩු කරගන්න හැමදාම උදේට මේ එක දෙයක් කරන්න.

2015-11-04 12:07:00       810
feature-top
ලෙමන් විටමින් C වලින්, සංකීර්ණ E විටමින් වලින්, පොටෑසියම් වලින්, යකඩ, කැල්සියම් හා මැග්නීසියම් වලින් බහුල වෙනවා. ඔයාලට මේ වාසි අත්කරගන්න පුළුවන් සරලවම ලෙමන් ජලයට එකතු කර පානය කරන එකෙන්. නමුත් ඔබ ප්‍රවේශම් විය යුත්තේ ලෙමන් යුෂ ඔබගේ දත් වල එනමලයට හානි කරන නිසයි. නමුත් වාසනාවකට මෙන් මේ තත්වය මගහැරගන්න පුළුවන් ඇල්මැරුණු ජලයට එකතු කිරීම මගින්.

බර අඩු කරගැනීම

පෙක්ටීන් තන්තු වල වර්ධනය වීම වැඩිවීම නිසා ලෙමන් පානය කුසගින්න අවම කිරීමට සමත් වෙනවා. එමගින් බර අඩුවීම වර්ධනය වේ. මෙම උදෑසන සාදාගන්නා ඖෂධය භාවිතා කරලා ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්.

අවශ්‍යවන ද්‍රව්‍ය

කාමර උෂ්ණත්වයේ ඇති ජලය වීදුරුවක්
එක ලෙමන් ගෙඩියකින් ගත් යුෂ
ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් (මෙය වෙළෙඳපලෙන් මිලට ගත හැක)
මී පැණි තේ හැන්දක්
නැවුම් ඉගුරු අගල් භාගයක් හෝ ගාගත් ඉගුරු තේ හැදි කාලක්

ඔබගේ ප්‍රතිචක්‍රීයකරණ පද්ධතිය වර්ධනය කිරීම

ලෙමන් පානයෙන් ඔබගේ ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියේ සහ වසා පද්ධතියේ රෝගකාරක ඉවත් කර පුදුමාකාර විදිහට සහය වෙනවා. ලෙමන් වසා පද්ධතිය පිරිසිදු කර වසා ගැටිති ඇතිකර ශරීරයේ විෂ ඉවත් කර දෙනවා. තවද ලෙමන් වල ප්‍රතිබැක්ටීරියාකාරක ඇති නිසා උණට හා සෙම්ප්‍රතික්ෂාවට ඇත්ත වශයෙන්ම සුවදායක වෙනවා.

වේදනාවන් අඩු කර ගැනීම

ලෙමන් වල ඇති වේදනා නැති කර ගැනීමේ හැකියාව මගින් ඔබට ඉතා සරලව ලෙමන් යුෂ, ඔබ පානය කරන ජලයට එක්කර ගෙන පානය කරන්න පුළුවන්. මෙමගින් පටක වල ඇති වේදනාකාරී තත්ත්වය ඇතිවීමට හේතුවන ආම්ලිකතාවයද නැති කරගන්න පුළුවන්.

ඔබ ජලයට එක්කරන ලෙමන් පෙති හෝ යුෂ ප්‍රමාණය ගැන කිසිම ප්‍රශ්ණයක් නැත. රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොවුණු ස්වභාවික ලෙමන් විය යුතුය. මේ සදහා බෝතල් කල ලෙමන් යුෂ භාවිතයෙන් ස්වාභාවික ලෙමන් වල ඇති එන්සයිම, විටමින් හා ප්‍රතිඔක්සිකාරක බලයන් නැතිවී යන නිසා මේවා සෞඛ්‍යයට අහිතකර වේ.

මෙය පළමුවම ජලය අවුන්ස අටකට ලෙමන් යුෂ කාලක් එක්කිරීමට නිර්දේශ කර ඇත. පළමුවම ලෙමන් පානය ඉතා ඇඹුල් බවක් දැනේවි. එය සාමාන්‍ය ස්වභාවයයි. නමුත් දින කිහිපයක් ගතවන විට ලෙමන් පානය ඉතාමත් මිහිරි වේවි. මෙසේ සිදුවන්නේ ශරීරයේ චය අගයේ ආම්ලිකතාවය අඩු වීම නිසයි.

Courtesy : Wishmaya.com

More News »