2015-12-04 11:27:00       705
feature-top
 මොලය කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම කොටස. හැබැයි ගොඩක් දෙනෙක් නොදැනුවත්වම මොලයට හානි කර දේවල් වල යෙදෙනවා. අද විශ්ම ලෝකයෙන් මෙන්න මේ මොලයට හානිකර නමුත් ඔබ නොදනුවත්වම දිනය පුරා සිදු කරන දේවල් ගැන කතා කරමු


දුම්පානය කිරීම

දිගින් දිගටම දුම්පානය සිදු කිරීම මගින් ඇල්සයිමර් රෝගී තත්වය ඇතිවී එමගින් මොළයට හානි සිදු වෙනවා. මෙය දීර්ඝ කාලීනව තමයි මොලයට බලපාන්න ගන්නේ. මතකය හීන වීම වගේ දේවල් වලට මුහුණ පාන්න වෙනවා.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

අපි නිදා ගන්න විට අපේ මොළය විවේක ගන්නවා. අවිධිමත් ලෙස නිදා ගැනීම සහ නිදා නොගෙන සිටීම මගින් මොළයේ ෙසෙල අපි නොදැනුවත්වම විනාශ වෙනවා.

සිතුවිලි උත්තේජනය අඩු වීම

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට සිදු කල යුතු හොදම දෙය සිතීමයි. අඩුවෙන් සිතුවිලි උත්තේජනය වීම මගින් මොළයට හානි ගෙන එනවා. ඊර්සබ ඨ්පැි වැනි දේවල් වල නිරත වීමෙන් මේ තත්වය මග හරවා ගන්න පුළුවන්.

අධිකව සීනි පරිභෝජනය

ඕනෑවට වඩා සීනි පරිභෝජනය කිරීම මගින් මොළයේ වර්ධනයට හානි වී පෝෂන පදාර්ථ සහ ප්‍රෝටීන උරාගැනීමට බාධා ඇතිවී මන්ද පෝෂණ තත්වයන් හටගන්නවා. මෙම නිසා මොලය වර්ධනය සදහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මොලය සංවර්ධන ක්‍රියාවලිය අඩාල වෙනවා

අසනීප කාල තුල මොළය වෙහෙසීම

අසනීප කාලයන්හිදී මොළය වෙහෙසා වැඩකිරීම මගින් මොළයට හානි සිදු වී මොළයේ සංවේදීතාවය අඩු වී යනවා. අසනීප වීමක් තුලින් ශරීරය අපිට දන්වා සිටින්නේ කයට හා මොලයට විවෙකයක් අවශ්‍යයි කියලා දැනුම් දෙනවා. එවන් අවස්ථා වල ඔබ කොතරම් වැඩ රාජකාරි අධික පුදගලයෙක් උනත් යම් විවේකයක් ලබා ගන්න

උදෑසන ආහාර වේල නොගැනීම

ඔබ දිනපතා උදෑසන ආහාර වෙල ගැනීම අතපසු කරනවානම් එමගින් රුධිරයේ සීනි මට්ටම පහල බැස මොළයට සැපයිය යුතු පෝෂක ප්‍රමාණවත්ව සැපයීමක් සිදු නොවීම නිසාවෙන් මොළයට හානි සිදු වෙනවා. රාත්‍රී දිගු නින්දකට පසු උදෑසන මොලය හොදින් ක්‍රියාත්මක වීමට නම් උදය ආහාරයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ අතවශ්‍යයයි.

පරිසර දුෂණය

අපේ ශරීරයේ වැඩිපුරම ඔක්සිජන් පරිභෝජනය කරන්නේ අපේ මොළයයි. දූෂිත වාතය ආශ්වාස කිරීම මගින් මොළයේ කාර්යයක්ෂම තාවය අඩු වී මොළයට හානි සිදු වෙනවා.

අඩුවෙන් කතාකිරීම

අඩුවෙන් කතාබහ කිරීම මගින් මොළය වර්ධනයට බලපෑම් ඇති වන අතර බුද්ධිමය සංවාද සිදු කිරීම මගින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. එවිට මොළය මගින් ගොඩක් ඇතට හිතන්න ගන්නවා.

නිදා ගැනීමේදී හිස ආවරණය කරගැනීම

හිස ආවරණය කර නින්දට යාමේදී ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවී කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එම නිසා මොළයට හානි සිදු වෙනවා.  

ඕනෑවට වඩා ආහාර අනුභව කිරීම

ඕනෑවට වඩා ආහාර අනුභව කිරීම නිසා මොළයේ ධමනි ඝන වී අපගේ මානසික ශක්තිය හීන වී යනවා.

More News »