දවස් තුනෙන් ඇස් පිල්ලමේ වෙනස බලන්න

2015-11-27 10:51:00       706
feature-top
කාන්තාවන් තම ඇස් යුගල ඉතා අලංකාර සහ සිත් ඇද ගන්නාසුළු අයුරින් තබා ගැනීමට ඉතා විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ අනුව ඇහි බැම සැකසීම , නොයෙකුත් මේක්අප් වර්ග භාවිතය සහ කෘත්‍රිම කාච වර්ග ද නොයෙකු වර්ණවලින් පැළදීමට කැමැත්තක් දක්වනවා.

ඒ අනුව විශේෂ ස්ථානයක් ඇස් පිල්ලමට ද හිමිවෙනවා. මදක් දිගු ඇස් පිල්ලම් යුගලකින් මුහුණට ඉතා අලංකාර ආකර්ෂනීය පෙනුමක් ලබා දෙනවා. එම නිසා සමහරුන් ඒ සඳහා කෘත්‍රිම ඇස් පිල්ලම් යුගලක් භාවිතා කරනවා. නමුත් ඇස් පිල්ලම් හොඳින් වැඩීම සඳහා අවශ්‍යය ප්‍රතිකාර අපට නිවසේදීම සිදුකර ගත හැකිය. අවශ්‍යය වෙන්නෙ බොහොම සුළු දේවල් ටිකක්.

ආමන්ඩ් ඔයිල්

මී පැණි

විටමින් ඊ කරල් දෙකක්

ඉතා පිරිසිදු භාජනයක් ගෙන එයට ආමන්ඩ් ඔයිල් මේස හැදි එකක් එක් කරන්න. එයටම මී පැණි මේස හැදි එකක් ද එක් කරන්න. ඉන්පසු විටමින් ඊ කරල් දෙක ද එම මිශ්‍රණයටම එක්කර හොඳින් කලවම් කරන්න.

ඹබ පාවිච්චිකර අවසන් මස්කාරා බ්‍රෂ් එකක් හොදි්න් පිරිසිදු කොට ඒ ආධාරයෙන් කලින් සෑදූ මිශ්‍රණය ඇස් පිල්ලම් මත මස්කාරා තවරන අන්දමින් හොඳින් ආලේප කරන්න. එසේ නොමැතිනම් ඇගිලි තුඩු මගින් ද ආලේපකර ගත හැකිය.

රාත්‍රී නින්දට යාමට පෙර මෙම ප්‍රතිකාරය කිරීම වඩාත් සුදුසු වේ. ඉවත් කිරීමක් සිදුකල යුතු නොවේ.

දින තුනක් මෙම ප්‍රතිකාරය සිදුකිරීමෙන් ලැඛෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරාවි.

Courtesy : wishmaya.com

More News »