කොදෙව්-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තවත් වාර්තාවක්

2018-10-05 11:35:00       420
feature-top

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්  ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

රාජ්කොට් හිදී පැවැත්වෙන එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම ඊයේ(04) දිනය නිමාවට පත් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 364ක් ලබා සිටියේය.

සිය මංගල තරඟයට සහභාගී වූ 18 හැවිරිදි ප්‍රීත්වි ෂෝ  ලකුණු 134ක් ලබා ගැනිමට සමත් විය.

මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වෙයි.

විරාත් කෝලි නොදැවී ලකුණු 72යි.


(under the courtesy of adaderana.lk news web)

More News »