නව විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි

2018-10-04 02:10:00       98
feature-top
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුවූ රන්ජන් ගොගොයි එරට නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ඉන්දියාවේ හිටපු අගවිනිසුරු දීපක් මිශ්‍රා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් හිස්වූ එම ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකකරණ විනිසුරු රන්ජන් ගොගොයි පත්කර ඇත.

ගොගොයි එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේ පසුගියදා දිවුරුම් දුන්නේය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පටන් පැවති නීති වෙනස් කරමින් ලබාදුන් ආන්දෝලනාත්මක තීන්දු හේතුවෙන් හිටපු අගවිනිසුරු දීපක් මිශ්‍රා දේශපාලනඥයින්ගේ සහ ගොගොයි ඇතුළු විනිසුරුවරුන් කිහිපදෙනෙකුගේ දැඩි විවේචනයට ලක්ව සිටි අයෙක්.

අධීකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මිශ්‍රා අපොහොසත්වී සිටින බව පවසමින් ඔහු අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය අප්‍රේල් මාසයේදී දේශපාලනඥයින් කිහිප දෙනෙකු පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුණි.

කෙසේ නමුත් ඉන්දීය උප ජනාධිපතිවරයා එම පෙත්සම ප්‍රතික්ෂේප කර ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන් වේ.

මිශ්‍රාගෙන් පසුව ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙලට සහ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව රන්ජන් ගොගොයි අගවිනිසුරු ධුරය සඳහා පත්කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »