ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

2018-10-02 09:30:00       680
feature-top
ඉන්දුනීසියාවේ, සුම්බා දූපතේ වෙරළාශි‍්‍රතව අද (02) භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6 ක් ලෙස සටහන් වූ බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පැවසුවේ.

කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නැහැ.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානිද මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මේ අතර ඉකුත් සිකුරාදා ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතේ සිදුවූ භූ කම්නයෙන් සහ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 844 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »