සමලිංගික යුවලකට අධිකරණ නියෝගයෙන් පොලිස් ආරක්ෂාව

2018-10-02 09:08:00       468
feature-top
විවාහ විමට සුදානමින් සිටින සමලිංගික තරුණ යුවලකට එල්ලවී ඇති ජිවිත තර්ජන හේතුවෙන් ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉන්දියාවේ නව දිල්ලි මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ රාජස්ථානයේ පදිංචි 20 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

තම සම්බන්ධයට විරෝධය පළකරන දෙමව්පියන් හා ඥාතින් ගෙන් තමන්ගේ ජිවිතයට හානියක් සිදුවෙනු ඇති බවයි මෙම සමලිංගික තරුණියන් යුවල අධිකරණය හමුවේ පෙත්සම මගින් කරුණු දක්වා ඇත්තේ.

සමලිංගික තරුණියන් දෙදෙනාගේ දෙමව්පියන් 2017 වසරේ සිට එකම පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර ඒ අතර වාරයේදී ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පටන් ගෙන ඇති අතර එක් තරුණියකගේ දෙමව්පියන් ඇයව බලෙන්ම වෙනත් තරුණයෙකුට විවාහ ගිවිස ගැනීමට බලකර ඇති අතර ඔවුන් දෙදෙනාගේ විවාහය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

තමන්ව වෙන් කිරීමට දෙපාර්ශවයේම දෙමව්පියන් කටයුතු කරන නිසා පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා මෙම තරුණියන් දෙදෙනා රාජස්ථානයේ සිට දිල්ලි නුවරට පැමිණ තම සමලිංගික අයිතිය සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සැප්තැම්බර් 6 වෙනිදා ඉන්දියාවේ සමලිංගික විවාහයන් සහ සම්බන්ධයන් නීතිමය වශයෙන් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයෙන් පසු තම සම්බන්ධය ගැන දෙපාර්ශයේම දෙමව්පියන්ට දැනුම් දුන් බවත් ඉන් පසුව ඇතිවූ තත්ත්වය මත අධිකරණයේ පිළිසරණ පැතීමට තීරණය කළ බව තරුණියන් දෙදෙනා සිය පෙත්සමේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »