යුරෝ කුසලානයේ 2024 සත්කාරකත්වය ජර්මනියට

2018-09-28 01:32:00       132
feature-top
යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය 2024 වසරේ දී සංවිධානය කිරීමේ අවස්ථාව දිනා ගැනිමට ජර්මනිය සමත් වුණි.

යුරෝපා සංගම් පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ දී ඊයේ(29) පැවැති ඡන්ද විමසීමේ දී ජර්මනිය වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගත්තේය.

ස්විට්සර්ලන්තයේ දි පැවති මෙම ඡන්ද විමසීමේ අවසන් වටය සඳහා ජර්මනිය සමග තුර්කිය තරග වැදුණි.

තුර්කිය මීට අවස්ථා තුනකදී මෙම තරගාවලිය පැවැත්වීම සදහා තරග කළ ද ඔවුන්ට ඒ සඳහා අවස්ථාව හිමිවුයේ නොමැති බව වාර්තා වෙයි.

කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් 2024 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතයි.    

(under the courtesy of adaderana.lk news web)

More News »