වැල්ලවත්ත පන්සලේ ආරවුලක් නිසා බුදු පිළිමය වෙරළේ ගල් පර වෙත විසි කරලා

2018-09-17 12:20:00       809
feature-top

වැල්ලවත්ත ශ්‍රී උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත්ව තිබූ බුද්ධප්‍රතිමාවක් කිසියම් පිරිසක් ඒ ආසන්නයේ මුහුදු වෙරළට රැගෙන ගොස් දමාතිබියදී ඉකුත් සිකුරාදා සොයා ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

ඉකුත් 12 වැනි දින රාත්‍රියේ සිට බුද්ධ ප්‍රතිමා වහන්සේ අස්ථානගතව තිබූ බව එහි වැඩවසන හිමිනමක පොලිසියට පවසා තිබිණි.

ශ්‍රීඋපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ඉඩමක් වෙනත් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට කළ උත්සාහයකදී විහාරාධිපති හිමියන් පොලිසියට කරන ලද පැමිණිල්ලක්අනුව එම පිරිස ඉවත් කිරීමෙන් පසු මෙම බුදු පිළිමය තැන්පත් කෙරිණි.

කිලෝසියයකට අධික බරින් යුත් එම බුද්ධ ප්‍රතිමාව යම් පුද්ගලයන් දහ දෙනෙකුට අධිකපිරිසක් තැන්පත් කර තිබූ ස්ථානයෙන් බුද්ධ ප්‍රතිමා රහසේ රැගෙන ගොස් මුහුදුවෙරළට දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

බම්බලපිටිය පොලිසිය වෙත එමබුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමට එම ස්ථානයට රැස්වූ බෞද්ධයන් මෙන්මඅන්‍යාගමිකයන් ද එක් වූ බව පොලිස් නිලධාරියෙක් පැවසිය. බම්බලපිටිය පොලිසියපරික්ෂණ පවත්වයි.

Courtesy : hirutv.lk/blog



More News »