යුධ හමුදාව විවේචනය කළ ඇමති සරත් ෆොන්සේකාට වැඩ වැරදෙන ළකුණු - තනතුර ගලවන්න සාකච්ඡාවක්...?

2018-09-17 12:16:00       823
feature-top
වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයේදී ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

ෆොන්සේකා අමාත්‍යවරයා  විසින් කරන ලද විවේචන පිළිබඳව යුද හමුදාවේ දැඩි කනස්සල්ල හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරන අතර  ෆොන්සේකා අමාත්‍යවරයා පිිළිබඳව තීරණයක් ගැනීම සඳහා මේ වනවිටත් ජනාධිපතිවරයා සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ. 

නිල නොවන ආරංචි මාර්ග වලට අනුව බොහෝ දුරට අමාත්‍යවරයාගේ  ෆීල්ඩ් මාර්ෂල් ධුරය හෝ කැබිනට් අමාත්‍ය ධූරය අහිමි විය හැකි බවයි සඳහන් වන්නේ.එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය එස්.බී දිසානායකද ප්‍රකාශ කර තිබුණා.‍

(under the courtesy of nethgossip.lk news web)

More News »