"මහින්ද ඉන්දියාවට ගිය පසු සියල්ල වෙනස් වෙලා" දෙමළ සංධානයේ ශිවාජිලිංගම්ට ඉන්දියාවට එන්න තහනම්, ඉන්දියාවෙන් අපූරු තීරණයක්!

2018-09-17 11:04:00       823
feature-top
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක නිරත වීම ශ්‍රී ලංකා දේශපාලනයේ දැඩි කතාබහට ලක්විය. මෙලෙසින් ඉන්දීය සංචාරයක නිරත වූ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩී මෙන්ම ඉන්දීය දේශපාලනේ මහ මොළකරු යැයි නම් දරා සිටින සුබ්‍රමනිය ස්වාමීද හමුවුයේය. රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන සුබ්‍රමනියම් ස්වාමී පසුගියදා මැදමුලනේදි පැවැති රාජපක්ෂ පවුලේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමගුලට පවා සහභාගි විය.

ඉන්දීය ශ්‍රී ලංකා දේශපාලනය නැවුම් වී අලුත් වටයකින් එලෙස ආරම්භ වද්දී සිදුවූ අපුරූ සිදුවීමක් වාර්තා වෙනවා. එනම් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ට ඉන්දියාවට යෑමට වීසා ලබාදීම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කිරීමයි.

දෙමළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා වන පුහුණු වැඩමුළුවක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු 18 දෙනෙකු තෝරාගෙන තිබු බව සඳහන්ය.

ඒ අනුව සෙසු පිරිස මේ වන විට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති නමුත් වීසා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් තමාට එම සමුළුවට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ සංධානයේ මන්ත්‍රීවරයාට මෙලෙසින් ඉන්දියාවට සහභාගී වීමට අවස්තාව නොලැබීමට හේතුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඉන්දීය සංචාරයක නිරත වී ඉන්දීය ශ්‍රී ලංකා දේශපාලනය නැවුම් වටයකින් ඇරඹීම විය හැකි බවට සමාජජාලා මාධ්‍ය වල පළව තිබුනා

(under the courtesy of nethgossip.lk news web)

More News »