‘‘මම ඉන්දියාවට විරුද්ද නැහැ නමුත් මම පුද්ගලීකරණයට විරුද්දයි“ – මහින්ද ද හින්දු පුවත්පතට කියයි.

2018-09-14 02:36:00       487
feature-top
‘ද හින්දූ’ පුවත්පත ” ඔබ මත්තල ඉන්දියාවට විකුණන වාට විරුද්ද ඇයි ” කියා ඇසූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ දුන් බුද්ධිමත් පිලිතුර සලකා බලමු.

ඔහු කීවේ ” මම ඉන්දියාවට විරුද්ද නැහැ නමුත් මම පුද්ගලීකරණයට විරුද්දයි. සිරිසේනගේ ආන්ඩුව වගේ මම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මීට ඉස්සර එහෙම දීල තිබුන ආයතනත් මම ආපහු ඇරන් තියෙනවා කියායි” .

මොලයක් ඇති අයෙකුට නම් මේ පිලිතුර තුල පනිවිඩ 3 ක් සැගව ඇත

1. රාජපක්ෂලා ඉන්දියාවට විරුද්ද යැය අජිත් ඩුවාල් වැනි ඉන්දීය අගමැති මෝඩිගේ ආරක්ෂක උපදේශකයින් විසින් 2014 කාලයේ ගොඩනැගූමතය වැරදි බව

2. තමන් මත්තල ගුවන් තොටුපොල පෞද්ගලීකරණය ට විරුද්ද බව

3. අනාගත රාජපක්ෂ රජයකින් මත්තල ආපසු පවරා ගන්නට ඉඩ තිබෙන නිසා ඉන්දියාව මේ ගනු දෙනුව ගැන දෙවරක් සිතිය යුතු බවය.

මෙය කදිම උත්තරයක් නොවේද ? කිවයුතු දේ කෙලින්ම කියා තිබෙන්නේ ඉන්දියාවද අමනාප කර නොගෙන නියම රාජ්‍යතාන්ත්‍රික ආකාරයටය.

නමුත් ලංකාවේ සමහර මාධ්‍ය මෙය වාර්තා කලේ ‘ මත්තල ඉන්දියාවට දෙනවාට මහින්ද විරුද්ද නැහැ කියාය ‘ සමහර ගොබ්බ දේශපාලුවන්ද එය ලහි ලහියේ තම මුහුනු පොත්වල පල කර තිබුනි

මේ ඉංග්‍රීසි බැරිකමද , ගොන් කමද නැත්නම් කපටි කම ද කියා ඔබම තීරණය කරන්න.

(under the courtesy of lankaleadnews.com web)

More News »