ජනාධිපති අපේක්ෂකයා ගැන මටත් යෝජනා තිබෙනවා - පොජපෙ සහ ඒකාබද්ධ විපක්ෂය පොදු තීරණයක් ගතයුතුයි

2018-09-14 12:52:00       464
feature-top

සිය ජනාධිපති ධුර අපේක්‍ෂකයා පිළිබදව පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය පොදු තීරණයක් ගතයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. එම ධුරය සදහා තමන්ටද යෝජනා ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර නෙත් නිවුස් වෙත කියාසිටියේ. ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් විය හැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට කළ ප‍්‍රකාශය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

ඒකාබද්ධ විපක්‍ෂය පොදුවේ ගන්නා තීරණයට තමන් එකග වන බවයි වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

 


(under the courtesy of nethnews.lk news web)

More News »