බෙලිහුල්ඔය පිපිරීමට හේතුව ගෑස් නලයක්

2018-09-14 09:28:00       259
feature-top
බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ ඊයේ ( 13දා) සවස සිදුවූ පිපිරීම පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා රස පරීක්ෂකවරයා කැඳවීමට බලංගොඩ පොලිසිය කටයුතු කර ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.

මෙම පිපිරීම සිදුවී ඇත්තේ බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ රසායනාගාරයක් තුළ වන අතර මෙම පිපිරීම හේතුවෙන් රසායනාගාර යෙ තිබු භාණ්ඩ කීපයකටද අලාභානි සිදුවී ඇතැයි බලංගොඩ පොලිසිය සඳහන් කළේය.

පිපිරීමට හේතුව ගෑස් සිලින්ඩරයක් නොවන අතර ගැස් නලයක් බව මේ වන විට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරුව ඇත.

එම අනතුරෙන් සුළු තුවාල ලැබූ සිසුන් දෙදෙනා මේ වන විටත් බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »