ජාපානයේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 ක් මරුට ?

2018-07-08 11:55:00       179
feature-top
ජපානයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 50  දෙනෙකුවත් මිය යන්නට ඇති බව එරට බලධාරින් පවසයි.

 ජපානයේ බටහිර ප්‍රදේශයට මේ වන විටත් දැඩි වර්ෂාව ඇද හැලෙන අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

 පසුගිය අඟහරුවාදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරින් පවසයි.

 මිලියන 1යි දශම පහක පමණ ජනතාවක් ආරක්ෂක ප්‍රදේශ වෙත යොමුකර ඇති අතර තවත් මිලියන තුනක පමණ පිරිසකට ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »