විජයකලා සම්බන්ධයෙන් පක්ෂ අභන්තර විනය පරික්ෂණයක්

2018-07-06 08:05:00       769
feature-top
විජයකළා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ විනය පරීක්ෂණයක් සිදුකීරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් සිව් පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.

පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්,අමාත්‍ය තලතා අතුකෝරල, අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන අය පරීක්ෂණ කමිටුවට පත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර විජයකලා මහේස්වරන් විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද ටී.වී. දෙරණ ඇතුළු විද්‍යුත් මාධ්‍ය ආයතන පහකට නියෝග කළේය.

අධිකරණය එම නියෝගය ලබාදෙනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය දෙවෙනිදා යාපනයේ පැවති උත්සවයකදී විජයකලා මහේස්වරන් මහත්මිය ප්‍රකාශ කිරීමත් සමඟ  විවිද පාර්ශව වලින් එල්ල වූ චෝදනා හමුවේ ඇයට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

කෙසේවෙතත් එලෙස ධුරයෙන් ඉල්ලා අස්වූ විජේකලා මහේස්වරන්ට සහය පළකරමින් යාපනය නගරයේ ස්ථාන රැසක අද පොස්ටර් අලවා තිබූ අතර  '' කිසිදු ලාභයකින් තොරව දේශපාලනය'' යන පාඨය එම පෝස්ටර්වල සඳහන් කර තිබිණි

එම පෝස්ටර් වල දෙමළ බසින් වැඩිදුරටත් දක්වා තිබුණේ ''දෙමළ ජනතාවට සැනසීමෙන් ජීවත්වීමට එදා පණදුන්නේ මහේෂ්වරන් , අද තම තනතුරෙන් ඉවත්වුනු දෙමළ නායිකාව විජයකලා - සැමදා අපි ඔබ සමඟයි'', යන්නයි.

මේ අතර විජයකලා මහේස්වරන් මහත්මියගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් අද පෙරවරුවේ කැස්බෑව නගර සභාව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

එය සංවිධාන කර තිබුණේ කැස්බෑව නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.

මේ අතර විජයකලා මහේෂ්වරන් විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද විද්‍යුත් මාධ්‍ය ආයතන පහකට නියෝග කළේය.

විජයකලා මහේෂ්වරන් විසින් සිදුකරන ලද ප්‍රකා‍ශයට එරෙහිව සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය හරහා ඇය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 157 (අ) 7 ව්‍යාවස්ථාව උල්ලංඝණය සිදුකළ බව පවසමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මේ අතර  එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මාගල්කන්දේ සුදත්ත හිමියන්ට අද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණෙන ලෙස කැඳවීමක් සිදුකර තිබිණි.

ඒ අනුව අද පෙරවරු එහි පැමිණි මාගල්කන්දේ සුදත්ත හිමියන්ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »