පළාත් සභා මැතිවරණය ගැන අලුත්ම බලාපොරොත්තුව (UPDATE)

2018-06-28 08:05:00       752
feature-top
පළාත් සභා මැතිවරණය මෙම වසර තුළම පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ සහය දෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය විශ්වාසය පළ කරනවා. ඔහු ඒ බව පැවසුවේ කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ  සෙසු නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.  

මේ අතර පළාත් සභා මැතිවරණය පිළිබඳ යෝජිත පාර්ලිමේන්තු විවාදය ලබන මස 05වනදා පැවැත්වීමට තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »