දිගදන්තු සැඟවිලා

2018-06-25 10:41:00       711
feature-top
ඉකුත් 18 වෙනි දින සිට ආගියඅතක් නොමැතිව සිටින කලාවැව ජාතික වනෝද්‍යානයේ  ඇතුන් ගහනයේ සිටින  විශාලතම ඇතා සහ දිගම දළ යුගලයට හිම්කම් කියන ඇතා පිළිබඳ මේ වන තෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

දැනට වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසුවෙන මෙම ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ  ප්‍රතිකාර ලබමින් සිටියා. වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට දිගදන්තු 01 ඇතා සොයා දිවා රාත්‍රි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

වයඹ පළාත හා අනුරාධපුරය පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් මේ ඇතාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබුණා.

ඉකුත්  22 වැනිදා  දිනයේ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිතව තිබී ඇති නමුත්  ඇතා සැරිසැරූ ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී ඇතා නිරීක්ෂණය නොවීම නිසා මෙම මෙහෙයුම් කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුලත් කලාවැව රක්ෂිතය තුලත්  දිවා රාත්‍රි  දෙකේම සිදු කිරීමට පියවර ගෙන තිබුණා. 

මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක නමුත් ඇතා සොයා ගැනීමට නොහැකිවූ බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවා.

බඳින ලද තුවක්කුවකින් වෙඩි වැදී ඇතාගේ ඉදිරි වම් පදයට බරපතල තුවාල සිදුව තිබුණා. ඇවිද ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්වයෙන් සිටි මෙම ඇතාට අවස්ථා තුනකදී මීට පෙර ප්‍රතිකාර කටයුතු සිදුකර තිබු අතර අවසන්වරට ඉකුත් 18 වෙනි දින ඇතාව නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කෙරුණා.

මේ වනවිට ඇතා සෙවීමේ මෙහෙයුම ගල්ගමුව, රැස් වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන බවද එම වනජීවි නිලධාරියා පැවසුවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »