බැඳුම්කර ඇමුණුම් : නීතිපති ජනපති ලේකම්ට ලිපියක් එවයි

2018-06-25 09:23:00       697
feature-top
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇමුුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ජනාධිපති ලේකම්වරයා සිදු කළ ඉල්ලීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන් විභාග වෙමින් ඇති අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් ඇතිවිය හැකි බව නීතිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කොමිෂන් සභා වාර්තාවට තුන්වන පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති ලේඛණ පිළිබඳ වෙන්වෙන්ව නිර්දේශ ලබා ගත යුතුයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාලව සිදු කෙරෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණ වන කරුණු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බව නීතිපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.

කෙසේවුවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසන්නේ, බැදුම්කර වංචාවේ මේ වන විට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් නොව, සැබෑ මහමොළකරුවන් තවමත් අමාත්‍ය ධූර දරමින් සිටින බවයි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »