ජාතික ශිෂ්‍ය තත්ත්ව කව සම්මේලනය රත්නපුරදී

2018-06-24 04:59:00       702
feature-top
දිවයිනේ සියලු පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික ශිෂ්‍ය තත්ත්ව කව සම්මේලනය රත්නපුර අධ්‍යාපන පුහුණු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වුණි.

මෙම සම්මේලනය මෙවර පැවැත්වුණේ දෙවැනි වරටයි.

දිවයිනේ සියලු පාසල් කේන්ද්‍ර කරගනිමින් දෙවැනි  වරට පැවැත්වෙන ජාතික ශිෂ්‍ය තත්ත්ව කව සම්මේලනය රත්නපුර අධ්‍යාපන පුහුණු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පසුගිය 21 වෙනිදා ආරම්භ කෙරුණි.

දින 3ක් පුරා පැවති මෙම සම්මේලනය ඊයේ(23) අවසන් වූ අතර පළාත් 9ම නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක් පමණ මෙම සම්මේලනයට එක්ව සිටියේය.

මෙවර මෙහි සත්කාරක පළාත් සභාව වූයේ සබරගමුව පළාත් සභාවයි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ළමා නිර්මාණ ප්‍රදර්ශනය, හාස්‍යත්පාදක කෙටි නාට්‍ය, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, පෝස්ටර් නිර්මාණ, විවාද හා සිද්ධි අධ්‍යාපන කව යන කේන්ද්‍ර 7 මෙම ජාතික ශිෂ්‍ය තත්ත්ව කව සම්මේලනය ඇතුළත්ව තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

More News »