කෝටි 2,100ක විදේශ ආයෝජන ආපසු ඇදලා

2018-06-24 04:22:00       701
feature-top
වසර 2017 දෙසැම්බර් මස 31 වැනිදා වන විට මෙරට පැවැති විදේශ ආයෝජන අරමුදල්වලින් රුපියල් කෝටි 2,100ක පමණ මුදලක් ගතවූ මාස හය තුළ විදේශ ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇති බව මහ බැංකු වාර්තාවලින් හෙළිව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව 2017-12-31 දින වන විට මෙරට මූල්‍ය වෙළෙඳපොළේ එක්රැස්ව තිබූ සමස්ත විදේශ ආයෝජනය රුපියල් කෝටි 32,200 කි. 
 
එම ආයෝජන ප්‍රමාණය මෙම ජූනි මස 14 වැනිදා වන විට රුපියල් කෝටි 2100කින් පමණ අඩුවී සමස්ත ආයෝජනය රුපියල් කෝටි 30,100 දක්වා පහත බැස ඇත. 
 
ඊට හේතුව මෙරට මුදල් ආයෝජනය කර තිබූ ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය භාරයන් හා ආයෝජකයන් තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමය. 
 
අදාළ ආයෝජකයන් බහුතරය තමන්ගේ මූල්‍ය ආයෝජන සිදුකර තිබුණේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර ආදියෙහිය.
 
ලෝක ප්‍රකට මූල්‍ය ආයෝජන සමාගම්වල ටෙම්පල්ටන්, බ්ලැක් රොක් පිඩෙලිට්, පිම්කෝ ආදී සමාගම් මෙරට මුදල් ආයෝජනය කළ ප්‍රධාන සමාගම්ය. 
 
භාණ්ඩාගාර බැඳුම්කරවලට මෙරට ගෙවන පොලිය ඉහළ මට්ටමක තිබියදීත් අදාළ ආයෝජන ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇත්තේ පවත්නා දේශපාලන අස්ථාවර තත්ත්වය නිසා යැයි මූල්‍ය හා ආයෝජන විශේෂඥයෝ පවසති.

(under the courtesy of srilankamirror.lk news web)

More News »