මොණරාගලදී ගිනිඅවි සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් පරීක්‍ෂණ

2018-06-24 03:41:00       709
feature-top
මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව යන ප‍්‍රදේශවලදී ගිනිඅවි 4 ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සතුව තිබී සොයාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි 4 ක්. එහෙත් මෙම සැකකරුවන් මෙලෙස ගිනිඅවි ලබාගෙන සිටියේ කුමක් සදහා දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන් වැල්ලවාය සහ බිබිල යන මහේස්ත‍්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »