උරුගුව-පෘතුගාලය සහ ස්පාඤ්ඤයට පාපන්දු ජයග්‍රහණ

2018-06-21 11:50:00       658
feature-top
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ(20) පැවැති තරගවලින් උරුගුව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය ජයගෙන තිබේ.
 
උරුගුව සහ සෞදි අරාබියාව අතර තරගයෙන් එකට බිංදුවක් ලෙස උරුගුවේ කණ්ඩායමට ජය හිමි විය.

පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවැති තරගයෙන් එකට බිංදුවක් ලෙස ජය ගනු ලැබූවේ පෘතුගාලයි.

ස්පාඤ්ඤය සහ ඉරාන අතර පැවති තරගයෙන් එකට බිංදුවක් ලෙස ස්පාඤ්ඤය ජය හිමිකර ගත්තේය.

ලෝක කුසාලන පාපන්දු තරඟාවලියේ අද(21) දිනයේත් තරග 03ක් පැවැත්විමට නියමිතයි.

ඒ ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පේරු රාජ්‍යය, ආර්ජන්ටිනාව සහ කොරේෂියාව අතර තරගයයි.

(under the courtesy of adaderana.lk news web)

More News »