ලෝක බලවතුන් අතර වෙළඳ යුද්ධය ත්‍ර්‍රීව්‍ර වෙයි

2018-06-19 09:14:00       823
feature-top
ලෝක බලවතුන් අතර වන වාණිජ යුද්ධය තවදුරටත් ත්‍රීව්‍ර වී තිබේ. ඒ, අමෙරිකාව චීනයට එරෙහිව නව තීරු බදු පැනවීමේ සූදානමත් සමගිනි.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ අමෙරිකාව ආනයනය කරන චීන නිෂ්පාදන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් නව ආනයන බද්දක් පැනවීමට මෙරිකාව පියවර ගෙන ඇති බවයි.

චිනය පසුගිය දා අමෙරිකාවට එරෙහිව පැනවූ ආනයන බද්දට එකට එක කිරීමේ තවත් පියවරක් ලෙස 10%ක ප්‍රතිශතයකින් යුත් මෙම නව තීරු බද්ධ ක්‍රියාත්මක වනු ඇති.

අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීන නිෂ්පාදන සඳහා නව තීරුබදු පැනවීමට තමන් සූදානම් බවයි.

නව තීරු බදු පැනවිය යුතු චීන නිෂ්පාදන හඳුනා ගන්නා ලෙස සිය වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව ද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සිය තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් නීතිමය ක්‍රියාවලිය අවසන් වූ වහාම නව තීරු බදු පැනවීම ක්‍රියාත්මක කරන බවයි.

(under the courtesy of newsfirst.lk web)

More News »