කොදෙව් පළමු ඉනිම ලකුණූ 300කට සිමා වෙයි

2018-06-17 11:06:00       658
feature-top
බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණූ 300ක් ලබාගැනීමට සමත් වුණි.

එහිදී ඩෙවෝන් ස්මිත් ලකුණු 61ක් සහ ෂේන් ඩොව්රිච් ලකුණූ 55ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 04ක් සහ කසුන් රාජිත කඩුලු 03ක් දවාගැනීමට සමත් වුණි.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 253ක් පමණයි

(under the courtesy of adaderana.lk news web)

More News »