දකුණේ ජීවිත බිළිගත්තේ පාකිස්ථානයෙන් ගෙන්වූ දියරයක්ද...? පරීක්ෂාවකින් තොරව රෝහල් වලට යවලා දැන් පාවිච්චි කරන්න එපාලු...!

2018-06-13 12:47:00       640
feature-top

මේ දිනවල දකුණේ පැතිර යන වෛරස්‌ උණ රෝගය පිළිබඳව රටේම කතාබහට ලක්වුනා. එසේම එය දකුණු පළාතට සීමා නොවී රට පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති බවට අනතුරු හඟවා තිබුණා. මේ හේතුවෙන් කුඩා දරුවන්ගේ වටිනා ජීවිත රැසක්ද අහිමි වුනා. කෙසේ නමුත් මේ වනවිට අදාල වෛරස් රෝගයෙන්  දරුවන් මිය ගොස්‌ ඇත්තේ ඉන්හේලර් කිරීම සඳහා යොදාගන්නා දියරයක්‌ නිසා විය හැකි බවට පවතින සැකයක්‌ මතුව තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව එම දියරය භාවිත නොකරන ලෙසට ඊයේ (12 ) මෙරට සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන බවද ව‍ාර්තා වනවා.

දුරකථන පණිවිඩ ඔස්සේ සහ විවිධ ජාලගත මාධ්‍යයන් ඔස්සේ මෙම දැනුම් දීම් සිදුකර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉන් හේලර් කිරීම සඳහා ලබා දෙන ට්‍රොපියම් ඖෂධයේ කුඩු දිය කිරීම සඳහා අදාල දියරය පසුගිය මාසයේදී  පකිස්‌ථානයෙන් ආනයනය කර ඇති බව වාර්තා වනවා.

කිසිඳු නිවැරදි පරීක්‍ෂාවකින් තොරව මෙම දියරය රෝහල් වෙත යවා ඇති බව වාර්තා වන අතර රෝගීන්ට මෙය භාවිත කරන අතරතුර   සාම්පල කීපයක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් කරාපිටිය රෝහලේ සහ කොළඹ ළමා රෝහලේ ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර තිබෙනවා.එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව අදාල දියරය තුළ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වී තිබෙනවා.  ඒ අනුව එම දියරය භාවිතයට නොගන්නා ලෙස සියලු රෝහල් වෙත දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රෝගය නිසා බිළිඳු ජීවිත කිහිපයක්ම බිළිගත් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් නෙත් ගොසිප් කල විමසීමකදී රෝහල් බළධාරියෙකු කියා සිටියේ  දැනට අදාල ඖෂධය වාට්ටුවලින් ඉවත් කර ඇති බවයි.


(under the courtesy of nethgossip.lk news web)

More News »