සාමයේ මෙහෙයුමට උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට

2018-06-10 01:47:00       368
feature-top
ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිංගප්පූරුව වෙත ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර අනිද්දා සාකච්ඡා ආරම්භවීමට නියමිතය. 

“සාමයේ මෙහෙයුම” ලෙස එම සාකච්ඡා නම් කර ඇති ට්‍රම්ප් මෙම හමුව සාමය සඳහා පවතින එකම අවස්ථාව ලෙස හදුන්වා දී ඇත.

 උතුරු කොරියානු සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් දෙදෙනෙකු හමුවන පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »