හමුවක් පවත්වන්න උතුරු කොරියානු නායකයා ආයාචනා කළා

2018-06-07 03:05:00       88
feature-top
ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හමුව පවත්වන ලෙසට උතුරු කොරියානු නායකයා ආයාචනා කල බව ට්‍රම්ප්ගේ නීතීඥවරයෙකු පවසා තිබේ.

ඊශ්‍රායලයේ පැවති හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ කිම් ජොන් අන් අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කළේය.

එම සිදුවීමෙන් පසුව හමුව නැවත සැලසුම් කරන ලෙසට කිම් ජොන් අන් ඉතා යටහත්ව ආයාචානා කර සිටි බව නීතීඥ රූඩි ගිලානි ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු නායකයා එවන් තත්ත්වයකට පත් කිරීම සියලු දෙනාගේ අපේක්ෂාව වූ බවත් ගිලානි පැවසීය.

ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය හේතුවෙන් උතුරු කොරියාවට බලපෑම් කිරීමට හැකිවූ බවද ඔහු පෙන්වා දී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »