පාපැදියෙන් ගිය ළමයි දෙන්නා බේරන්න ගිය හමුදාවේ ජිප් රථය ගසක ගැටෙයි-සෙබළුන් 2කට බරපතළයි

2018-06-05 09:01:00       685
feature-top
වව්නියාව,ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

ඉරට්ටපෙරියකුලම පොලිසිය පැවසූවේ ඊයේ(04) වව්නියාව දෙස සිට අනුරාධපුරය දෙසට පැමිණි යුධ හමුදා ජිප් රථයක් මාර්ගයෙන් ඉවත පැන මාර්ගය ආසන්නයේ ගසක වැදී ඇති බවයි.

පාපැදියක නැගී ගමන්ගත් දරුවන් දෙදෙනෙකු ප්‍රධාන මාර්ගය හරහා අනපේක්ෂිත අයුරින් පාපැදිය දැමීමට ගිය අවස්ථාවේ යුද හමුදා ජිප් රථයේ රියදුරු දරුවන් බේරා ගැනීමට යාමේදී ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවද පොලීසිය පැවසීය.

අනතුරින් ජිප් රථයේ ගමන්ගත් යුද හමුදා සෙබළුන් දෙනෙකු හා පාපැදියේ ගමන් ගත් දරුවන් දෙදෙනා තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ දරුවන් බියට පත්වි මාර්ගයේ වැටීමෙන් සුළු තුවාල සිදුවි ඇති අතර, ජිප් රථයේ ගමන්ගත් යුද හමුදා සෙබළුන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »