බිත්තර රැක්ක අම්මා නිලධාරීන් යද්දී ගඟට පැනලා-අදාළ ස්ථානය සතියක් ජනතාවට තහනම්

2018-06-04 05:24:00       701
feature-top
මාතර පිටබැද්දර පීරිස් වත්ත ප්‍රදේශයේ තිබී කිඹුල් බිත්තර තොගයක් සොයා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ ප්‍රදේශයේ ඊයේ(03)දින ගඟ අසල ගසක කොස් ගෙඩියක් කැඩීමට ගිය අයෙකු මෙය මුලින්ම දැක ඇති අතර, ඉන් අනතුරුව ඔහු පිටබැද්දර පොලීසියට දැනුම් දී තිබේ.

පසුව පොලීසිය විසින් මිරිස්ස වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව අද(04) උදෑසන මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පිටබැද්දර පොලීසියේ නිලධාරීන් අදාළ ස්ථානය වෙත පැමිණ තිබේ.

එම අවස්ථාව වන විට කිඹුලා බිත්තර අසලට වී සිට ඇති අතර, නිලධාරීන් ළං වෙන විටම ගඟට පැන තිබේ.

ඉන් අනතුරුව කිඹුල් බිත්තර වන ජීවී නිලධාරීන් බාරයට ගන්නා ලද බිත්තර 48 ක් තිබී ඇත.

එයින් බිත්තර 44 ක් පමණ හොඳ තත්ත්වයෙන් තිබු බව ද වාර්තා වෙයි.

එම කිඹුල් බිත්තර වන ජීවී කාර්යාලයට රැගෙන ගොස් ඇති අතර, කිඹුල් බිත්තර තිබු ස්ථානයට සතියක් පමණ වන තුරු ජනතාවට පැමිණීම අනතුරුදායක බව ද වන ජීවී නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »