මාකදුරේ මධූෂ්ගේ තවත් ගෝලයෙක් අල්ලයි

2018-06-04 03:45:00       698
feature-top
සැගවී සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන  අපරාධ මෙහෙයුම් කරුවෙකු වන නිරෝෂන් පල්ලියගුරු නමැති අය සහ ඔහුගේ අනියම් බිරිද කොළඹ සංවිධානාත්ම අපරාධ නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව සංවිධානාත්ම අපරාධ නිවාරණ ඒකකයේ පොලිස් විශේෂ කාර්යාල බලකායට අයත් බුද්ධි අංශ නිලධාරීන් මඟින් පසුගිය 02 දා කොළඹ කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොර්ටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ සැකකරු හා ඔහුගේ අනියම් බිරිද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව සංවිධානාත්ම අපරාධ නිවාරණ ඒකකය පවසයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ නිරෝෂන් පල්ලියගුරු නමැති අයගේ අනියම් බිරිද සන්තකයේ තිබු ගමන් මල්ලක තිබී හෙරොයින් ග්‍රෑම්  දෙකකුත් මිලිග්‍රෑම් 900ක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙහිදී ඔහුන්ගෙන් ප්‍රශ්නකිරීමෙන් පසු  ඔවුන්ගේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී  එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 07 ක් පමණද සොයා ගැනීමට හැකිවී ඇත.

එමෙන්ම නිරෝෂන් පල්ලියගුරු නමැති අයගේ අනියම් බිරිද ගේ සැමියා වන  ප්‍රබල පාතාල  සාමාජිකයෙකු වන දෙවුන්දර චමිල් නැමති අයට අයත් රුපියල් කොටි 40 ක පමණ වටිනා දේපල වල තොරතුරු මෙන්ම ලක්ෂ හතලිහක් පමණ තන්පත්කරන ලද බැංකු ගිණුම් පොතක් මෙන්ම බැංකු කාඩ්පත් 20 කට අධික ප්‍රමානයක් ද පොලීසියට සොයාගැනීමට හැකිවී තිබේ. 

අත්අඩංගුවට ගත් රෝෂන් පල්ලියගුරු නමැති සැකකරු  මාකදුරේ මදුෂ්ට අයත් මත්ද්‍රවය ජාවාරම් මෙහෙය වීම මෙන්ම මුල්‍ය ගනදෙනු මෙහෙයවූ පුද්ගලයෙකු බවත් ඔහු මිට වසර දෙකකට පමණ පෙර ගුවන්තොටුපොළ ආරක්ෂකයෙකු වසයෙන් වසර ගණනාවක්  සේවයේ දී සිට ඇති අතර මදුෂ් හට රටින් පිටවී යාම සදහා මෙම සැකකරු ප්‍රබල සහයක් ලබා දී ඇතිබවත් පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.

කෙසේනමුත් අදාළ සැකකරු අද (04) දින සවස  කොටුව මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක් සදහා රදවා ගැනීමේ   නියෝග මත  ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි එම්.ආර් ලතිෆ් මහතාගේ හා විශේෂ කාර්යට බලකා බුද්ධි අධ්‍යක්ෂක රතන පිටිය යන අයගේ උපදෙස් හා නියෝග මත බුද්ධි අංශයේ ස්ථානාධි පති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »