දුමින්ද සිල්වාගේ නඩුවේ වැඩිදුර විභාගය හෙට

2018-06-04 02:57:00       706
feature-top
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට පැවැත්වේ.

මෙහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකළේය.

මෙහිදී චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නැමැති  විත්තිකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කළේය.

වැඩිදුර විභාගය හෙට (05)   දිනට කල් තැබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතරයක් විනිසුරුවරු විසින් එම චෝදනාවලට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

තමන්ට දඬුවම් පනවා ඇති ආකාරය නීති විරෝධී යයි පෙන්වා දෙන විත්තිකරුවන්  එම චෝදනාවලින් තමන්ව නිදොස්කට නිදහස් කරන මෙන් ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »