මහින්ද අගමැති කරන්න ජනපති තීරණයක් ගත යුතුයි

2018-06-04 02:43:00       692
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා කිරීමට  තිරණයක් ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

සමාජවාදි ජනතා පෙරමුණේ අද(04) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක්සත්ජාතික පක්ෂය තුළ වර්තමානය වන විට ගැටුමක් පවතිව බවද එම ගැටුම තව වැඩි කිරීමට කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයට හානි කර ඇති අතර ආණ්ඩුවේ බහුතර බලයටද හානි වන අයුරින් කටයුතු සිදුකළ යුතු බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ අතර මුදල්ගත් මන්ත්‍රීවරයෙකුද නැද්ද යන්න ප්‍රශන් කරීමටද ලැජ්ජාවට කරුණක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශපාලනයෙන් හම්බ කළ නොගත් බවත් අපේ කියන දේපළ සහ හැකියාව ජනාතා ව්‍යාපරය වෙත යෙදවු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »