අත වෙන්වුණු සිසුවාගේ සැත්කම අසාර්ථක වෙයි

2018-06-04 01:57:00       682
feature-top
ටිපර් රථයක ගැටී දකුණු අත සිරුරෙන් වෙන්වූ සිසුවාගේ අත බද්ධ කිරීමේ සැත්කම අසාර්ථක වී තිබෙනවා.

බස් රථයක ජනේලයකින් අත ඉවතට දමාගෙන ගිය මෙම සිසුවා අදාළ අනතුරට මුහුණපෑවේ පැල්මඩුල්ල සන්නස්ගම ප‍්‍රදේශයේදීයි.

පළමුව රත්නපුර රෝහලට ඇතුළත් කළ ඔහු පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. අත බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කළේ එහිදීයි. සිරුරෙන් වෙන් වූ අතට දැඩි ලෙස හානි සිදුව තිබීම ශල්‍යකර්මය අසාර්ථක වීමට හේතුව බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹට පැමිණෙන විට පැය 05ක් පමණ ගතවී තිබුණ බවද සඳහන් කෙරුණා.

මෙම අනතුරට මුහුණපෑවේ 23 හැවිරිදි වියේ පසුවන සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක්. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »