හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියේ වෙනසක්

2018-06-04 12:46:00       690
feature-top
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මින් ඉදිරියට කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගී වන්නේ අවශ්‍ය අවස්ථාවලීදී පමණක් යැයි යුධ හමුදාව පවසයි. 

දැනට යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සෑම කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවකටම සහභාගී වන අතර මින් ඉදිරියට එසේ දිනපතා සහභාගී නොවී අවශ්‍යම අවස්ථාවලදී පමණක් සහභාගී වීමට තීරණය කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මෙම තීරණය මෑතකදී ගත් එකක් නොවන බවත් යුධ එහුදාව අවශ්‍ය අවස්ථාවලීදී පමණක් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගී විය යුතු බවට මීට පෙර ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීමක් බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

(under the courtesy of srilankamirror.lk news web)

More News »