මහ රෑ අධිවේගයේ පාපැදියෙන් මාතර ගියේ කවුද?

2018-06-04 11:42:00       687
feature-top
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පා පැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු කිලෝමීටර් දහයයි දශම අට මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේදී ඊයේ (03දා) අලුයම අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය කියයි.

පුද්ගලයෙකු පාපැදියක් පදවාගෙන මාතර දෙසට ගන් කරන බවට රථවාහන පාලන මධ්‍යස්ථානයේ 1969 දුරකථනයට රියැදුරෙකු ලබාදුන් ඇමතුමකට අනුව ඊයේ (03 දා) අලුයම 1.50 ට පමණ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රථවාහන පාලන මධ්‍යස්ථානය දකුණේ අධිවේගී යතුරු සංචාරයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනාට ලබා දුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.අනතුරුව ගුවන්විදුලි මෝටර් රථයෙන් සැකකරුව අධිවේගී මාර්ගයෙන් පිටතට රැගෙන විත් තිබේ. 

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ වැරදීමකින් අධිවේගයට ඇතුල් වී ඇති බවයි. 

සැකපිට හා අයුතු ඇතුළුවීම යටතේ  අත්අඩංගුවට  ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා බණ්ඩාරගම පොලිසිය වෙත බාරදුන් බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන පන්නිපිටිය පැලැන්වත්ත පදිංචි අයෙකි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »