118කගේ ලැයිස්තුව :  'අම්පාරේ වඳ පෙත්ත වගේ කතාවක්'

2018-06-04 10:23:00       681
feature-top
මහ බැංකුවේ සිදු වූ වංචාසහගත බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ලබා ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් එම 118 දෙනා පිළිබඳ ලැයිස්තුව ඇතැයි කියන කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසිය.

බැඳුම්කර ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තුවට ලබාදුන් ජනාධිපති කොමිෂන් වාර්තාව සමග ඉදිරිපත් නොකළ පිටු කිහිපය මෙම සතිය තුළ ලබාදිය හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කළැයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ කිහිප දෙනකු පිළිබඳ තොරතුරු ඇති බවද ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කී කථානායකවරයා මේ සම්බන්ධව තමන් නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බවද කීවේය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »