චීනයෙන් ගෙනා සිගරට් තොගයක් රාජසන්තකයි

2018-06-04 10:01:00       687
feature-top
චීන ජාතික කාන්තාවන් දෙදෙනකු විසින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි හතළිස්‌ දහසක්‌ පෙරේදා (02) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවැසීය.

මෙම චීන ජාතික කාන්තාවෝ අවුරුදු 39 සහ 40 යන වයස්‌වල පසුවන අය වෙති.

ඔවුන් දෙදෙනා 02 දා අලුයම 5.30 ට පමණ චීනයේ ග්වැන්ෂෝ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ.

ඔවුන් විසින් රුපියල් ලක්‍ෂ 20 ක්‌ වටිනා, චීනයේ නිෂ්පාදිත දුම්වැටි කාටුන් 200 ක්‌ මෙසේ ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙනැවිත් තිබිණි.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්‍ෂණ පැවැත්වූ අතර එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර මෙම චීන කතුන් දෙදෙනාට අවවාද කර නිදහස්‌ කර ඇත. 

මේ ආකාරයෙන් චීන දුම්වැටි මෙරට වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන්නේ මෙරට සිටින චීන ජාතිකයන් දේශීය වෙළෙඳපොළේ දුම්වැටි පරිභෝජනය කිරීමට දක්වන අකැමැත්ත හේතුවෙනි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »