හෂාන් තිලකරත්නට නව පත්වීමක්

2018-06-04 09:46:00       365
feature-top
 ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ.

 මීළඟ ලෝක කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලිය දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

හෂාන් තිලකරත්න මහතා ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පසුගියදා පැවති සුපිරි පළාත් හතර ක්‍රිකට් තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමට ගාලු කණ්ඩායම සමත් විය.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 83කට සහ එක්දින තරග 200කට සහභාගී වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »