වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටිලා

2018-06-04 09:44:00       687
feature-top
නඩත්තු කටයුත්තක් සඳහා ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමක එක් අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.

03 වැනිදා රාත්‍රී 10.00 ට පමණ පුත්තලම - කරඹ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කරඹ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ - කොයියාවාඩිය ප්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව එම ස්ථානයේ සේවය කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරීම සඳහා ගොස් ඇති අතර පහර දීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදී බව පොලීසිය කියයි.

පහර දුන් පිරිස අතර සිටි කීප දෙනෙකු මත්පැන් පානය කර සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇති අයවළුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(under the courtesy of adaderana.lk news web)

More News »