පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකාගේ මව පදිංචි නිවසේ ගින්නක්

2018-06-04 09:23:00       686
feature-top
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිගේ මව පදිංචිව සිටි නිවසේ ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, කැප්පෙට්ටිපොල මාවතේ පිහිටි එම නිවසේ අද උදෑසන 4.20 ට පමණ ගින්න හට ගෙන ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න මැඩ පවත්වා තිබේ.

ඒ සඳහා ජල බවුසර් 2 ක් ගිනි නිව්ම් සේවා රථයක් යොමු කර තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් එම නිවසේ දෙවන තට්ටුවේ කාමරයක එම ගින්න හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර කුරුඳුවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »