මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ  06 වන දින සිට වැඩිවීමක්

2018-06-04 09:16:00       686
feature-top
දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වලත් සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී (ජුනිමස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවත් ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් සබරගමුව සහමධ්‍යමපළාත්වල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණුපළාතේත් මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »