දැරියක පැහැර ගැනීමේ සිද්ධිය - ළිඳුල නගරසභාවේ සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට

2018-06-04 09:07:00       686
feature-top
නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේ දැරියක් පැහැරගෙන ගොස් මුදල අලෙවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2017 වසරේ ජුනි මස 04 වන දින ආගරපතන, පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දැරියක් පැහරෙගෙන ගොස් මුදලට අලෙවි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේ නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව සිදු කළ විමර්ශනයකදී තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සහ එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළේය.

 නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »