ශ්‍රීලනිප තාවකාලික ලේකම් ධූරය එස්.බී. ට ?

2018-06-03 10:31:00       697
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ලේකම් ධුරය සදහා හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පත්කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03)  සවස 5.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව රැස්වෙන අතර එහිදී මෙම වෙනස්කම් සිදුවනු ඇතැයි වාර්තා වේ.

පසුගිය 16 වැනිදා රැස්වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයවුයේ ලබන සැත්තැම්බර් 02 වැනිදාට පෙර එම පක්ෂයේ වාර්ෂික සම්මේලනයට ද පෙර පක්ෂයේ පුර්ණ ප්‍රති සංවිධානයක් කිරීමටය.

ඒ අනුව අද (03)  තාවකාලික නිළධාරි මණ්ඩලයක් පත් කිරිමටද තීරණය විය.

ආදළ පත් කිරිමේ බලය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කෙරෙණි.

ඒ අනුව තාවකාලික ලේකම් ධුරය සදහා එස්.බී. දිසානායක මහතා පත්කරන ලෙසට ජනාධිපතිවරයාට පාර්ශව ගණනාවකින් ඉල්ලිම් ලැබී ඇති බව වාර්තා වේ.

මෙසේ තනතුරු සදහා පත්කරනු ලබන අයගේ නම් අද (03) රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හා සමස්ථ ලංකා කාරක සභාවෙන් අනුමත කර ගැනීමට ද නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »