අද පැමිණෙන හා පිටත්වන ශ්‍රී ලංකන් ගුවන් යානාවල කාල සටහන වෙනස් වෙයි

2018-06-03 07:13:00       698
feature-top
අද (03) දිනය තුළ පමණක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිට වන සහ පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා කිහිපයක කාලසටහනේ වෙනසක් සිදු වන බව ශ්‍රී  ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියන් සාගර කලාපයේ ඉහළ අහසේ සිදු කරන ගුවන් ගමන් අත්හදා බැලීමක් හේතුවෙන් මෙම කාලසටහනේ වෙනසක් සිදු වන බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව යූ.එල් 318/319, යූ.එල් 306/307, යූ.එල් 402/403, යූ.එල් 314, යූ.එල් 302, යූ.එල් 318, යූ.එල් 306 සහ යූ.එල් 402 යන ගුවන් ගමන් වාරවල වෙනසක් සිදු වන බවයි ශ්රී  ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්රී  ලංකන් ගුවන් සේවයේ 1979 දරණ දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව ද ඔවුන් සදහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »