කුවේට්වල සිරකරගෙන සිටින මව ගෙනත් දෙන්න - සැමියා හා දියණිය විරෝධතාවයක

2018-06-02 03:54:00       692
feature-top
මාස එකහා මාරකට පමණ පෙර කුවේට් රටට ගිය තම බිරිඳ එහි සිරකරගෙන සිටින බව පවසමන් පියෙකු හා දියණියක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත් වු බව අද ‍දෙරණ වාර්තාකරු පැවසීය.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි පැතුම් මධුසංක සහ 11 හැවිරිදි ඇගේ දියණිය ඉමාෂා අමන්දි මෙලෙස විරෝධතාවයේ  නිරත වුයේ 32හැවිරිදි කේ ඒ.සුනේත්‍රා කුමාරි නමැති කාන්තාව පිළිබඳව ස්ථිර තොරතුරක් ලබා දෙන මෙන් ඉල්ලමින්ය. 

පසුගිය අප්‍රේල් මස 23  වන දින කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් මේ කාන්තාව කුවේට් රටට ගොස් ඇති අතර එදින සිට මේ දක්වා දුරකථන ඇමතුමක් හෝ ලැබී නොමැති බව අදාළ බිරිදගේ සැමියා පවසයි.

ඒ අනුව පසුගිය මැයි මස 12  වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හලාවත කාර්යාලයට පැමිණ පැමිණිලි කළ අවස්ථාවේදී කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත ගොස් ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව පසුගිය 30 වන දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත මේ පුද්ගලයා කැඳවා ඇතත් පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරු නොපැමිණීම හේතුවෙන් පැමිණිලි විභාගය සිදු කළ නොමැති බව සැමියා පවසයි. 

ඒ අවස්ථාවේදී  පැමිණිලි කරු පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට දුරකතනයෙන් කතා කලත් පරුෂ වචනයෙන් බැන දුරකථනය විසන්ධි කර තිබේ .

තම බිරිඳ කුවේට් පිහිටි විදේශ රැකියා ආයතනයේ සිර කරගෙන සිටින බව පැතුම මධුසංක වොදනා කරන අතර තමා කුවේට් රටේ සිටින  තම හිතවතෙකු මාර්ගයෙන් ලබා ගත් වීඩියෝවක්ද මාධ්‍යට ඉදිරිපත් කළේය.  

එම ස්ථනයේ තවත් කාන්තාවන් 30 දෙනෙකු සිරකරගෙන සිටින බවත් ඉන් හතරදෙනෙකුම කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතන යැවු කාන්තාවන් බව පැතුම මධුසංක පැවසිය.

පැතුම් මධුසංක මිට පෙර කුවේට් හි සේවය කර තිබෙන අතර එහිදී හඳුනා ගත කුවේට් ජාතිකයෙකු මාර්ගයෙන් මේ වීඩියෝව හා තොරතුරු ලබා ගෙන තිබේ .

විදේශ ගත වුවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඉටුකරන්නේ ඒජන්සිකරුවන් රැකීම බව පැවසූ  පැතුම් මධුසංක  ඉක්මන්  විසදුමක් ලබනොදුනහොත් හලාවත පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යංශය අසල හෝ කුරුණෑගල ඒජන්සිය අසල මාරාන්තික උපවාසයක් සිදුකරන බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »