අවශ්‍ය ඕනෑම මොහොතක තරඟයට සුදානම් : අමෙරිකාව චීනයට අනතුරු අඟවයි

2018-06-02 03:10:00       688
feature-top
චීනයේ දකුණු මුහුදු ප්‍රදේශයේ ඉදිකළ කෘතීම දුපත හා එහි ස්ථානගත කර තිබෙන මිසයිල හේතුවෙන් අසල්වැසි රාජයන් හට අනිසි බියක් ගෙනදී ඇති බව අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැට්ස් ප්‍රකාශ කර සිටිනවා.
 
ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැට්ස් මේ බව ප්‍රකාශ කර සිටියේ සිංගප්පුරුවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටියේ. එමෙන්ම උතුරු කොරියානු නායකයා සමග අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ජා හේතුවෙන් මේ අවස්ථාවේදී දකුණු කොරියාව වෙතට සිය හමුදා භට පිරිස් යොමු කිරීමේ කිසිදු අදහසක්ද නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අමෙරිකාවට අවශ්‍ය වන්නේ කොරියානු අර්ධද්වීපය සම්පුර්ණයෙන්ම ගැටුම් වලින් තොර කලාපයක් කිරීම බවයි මෙහිදී ආරක්ෂක ලේකමවරයා අවධාරණය කළේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ගැටලුවට හා දකුණු කොරියාවේ අමෙරිකානු හමුදාවන් රඳවා තැබීම එකින් එකට වෙනස් සිදුවීම් දෙකක් බවයි සිංගප්පුරුවේ ෂැන්ග්රී-ලා ආරක්ෂක සමුළුවට එක්වෙමින් දකුණු කොරියානු ආරක්ෂක ඇමති සන්ග්-යංග් මෝ ප්‍රකාශ කර සිටියේ.

වර්තමානයේ දකුණු කොරියාව තුල එක්සත් ජනපද හමුදා භටයින් 28,500 ක් පමණ රඳවා සිටිනවා.

ආරක්ෂක ලේකම් ජෙනරාල් මැට්ස් මෙහිදී අනාවරණය කලේ දකුණු චීන මුහුදේ ස්ථාපිත කර තිබෙන දුපතේ මේ වන විට නෞකා විනාශ කිරීමේ හැකියාව ඇති මිසයිල, ගුවන් යානා විනාශ කිරීමේ මිසයිල හා පණිවිඩ හුවමාරු අක්‍රිය කල හැකි "ජෑමර්ස්" යන යුධ උපකරණ මෙහි ස්ථානගත කර ඇති බවයි.

ඔවුන් මෙලෙස ආයුධ රඳවා තැබීමෙන් සිදුකරන්නේ අනවශ්‍ය බියක් අසල්වැසි රටවලට ඇති කිරීම බවයි ජෙනරාල් මැට්ස් අවධාරණය කර සිටියේ.

චීනය සමග ඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති බවත් යම් හෙයකින් චීනය සීමාව ඉක්මවා කටයුතු කළහොත් ඒ සඳහා තරගයක් දීමට අමෙරිකාව සුදානම් බවයි.

(under the courtesy of adaderana.lk news web)


More News »