නීතිය හා සාමය ඇමතිධුරය දුන්නොත් කරනදේ ගැන ෆොන්සේකා කියයි

2018-06-02 03:07:00       697
feature-top
නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය තමන්ට භාරදීමට යළි යෝජනා කළහොත් කිසිවිටෙකත් එය භාර නොගන්නා බව ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා. දියබෙදුම ප‍්‍රදේශයේ වනඅලි ගැටළුව පිළිබදව කළ නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

එමෙන්ම මෙහිදී ඇමතිවරයා කියා සිටියේ මැතිවරණ සමයේදී ව්‍යාපාරිකයින් පැමිණ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමට මුදල් ලබා දෙන බවත් ඒ ආකාරයෙන් කිසි කලක තමන් නොදුටු අයෙක් පැමිණ තමන්ටද රුපියල් 100,000/= ක මුදලක් ලබා දුන් බවයි. ඒ අවස්ථාවෙදී තම පක්ෂයෙන් මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙක්ට එම මුදල් ලබා දෙන්නැයි තමන් අදාළ පුද්ගලයාට ප්‍රකාශ කල බව සරත් ෆොන්සේකා ඇමතිවරයා කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »