රේගු සුදර්මාගෙ වංචා ගැන ජනපතිට ලිපියක්

2018-06-02 01:39:00       697
feature-top
රේගු දොපාර්තමේන්තුවෙන් රජයට හිමිවිය යුතු අපනයන ආදායමක් වංචනික ලෙස නොලැබීයාමට කටයුතු කිරීම සම්බන්ධව ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සේවක පිිරිස විසින්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ‍්‍රී ලංකා රේගු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස 2009 සහ 2010 කාලයේදී කටුයුතු කළ සුදර්මා කරුණාරත්න නම් තැනැත්තිය විසින් කළ අත්තනෝමතික ක්‍රියා පිළිබඳව එහිදී හෙළිදරව්වක් කර තිබේ.

එම ලිපියේ දැක්වෙන පරිදි සුදර්මා කරුණාරත්න දැනට වයස අවුරුදු 60 සම්පූර්ණ කර විශ‍්‍රාම ගිය ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියකි. යුද්ධයේදී භාවිතා කරන ලද උණ්ඩ කොපු (පිත්තල) සියල්ල නැව් 03 කින් හොර රහසේ චීනයට අපනයනය කර මුදල් ලබාගැනීමට සම්පූර්ණයෙන් අනුමැතිය සහ බලය ලබා දී ඇත්තේ මෙම තැනැත්තිය වන අතර මෙම  වංචාව සිදු කරන දිනයේදී අපනයන රේගු අධ්‍යක්ෂක ලෙස රාජකාරී කටයුතුවල යෙදී සිට ඇත්තේ රවි කුමාර් නම් තැනැත්තාය.  මෙම වංචාව මේ වන විට යටගොස් ඇති අතර මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කර වැරිදිකරුවන්ට දඩුවම් පමුණුවන ලෙස රේගු  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එදින සිදු වූ වංචාව පිළිබඳව රවි කුමාර් නමැත්තා සාක්ෂි දරණ අතර මීට පෙරද මේ සම්බන්ධව  ඔවුන් වංචා හා දුෂණ විමර්ශන කමිටුව වෙත දැනුම් දී ඇති නමුත් අද වන තෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මහින්ද දිනවන්න විශ්වවිද්‍යාලත් නටවලා

මෙම තැනැත්තියගේ ස්වාමිපුරුෂයා ජයවර්ධනපුර සරසවියේ උප කුලපති ලෙස කටයුතු කරන ආචාර්ය කරුණාරත්න මහතා වන අතර මෙම කුලපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වන්දිබටිටයෙක් බවද එම ලිපියේ දක්වා තිබේ.

2010 සහ 2015 මැතිවරණ කටයුතුවලදී විශ්වවිද්‍යාල සියල්ලම සමිබන්ධීකරණය වන පරිදි ආචාර්ය මණ්ඩලයත් ශිෂ්‍යයනුත් ඡන්ද කටයුතු සඳහා යොදාගෙන ඇති අතර එම මැතිවරණ දේකේදීම ඔහු විසින් මහිින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අතිවිශාල කාර්යබාරයක් ඉටුකර ඇත.

ඒ සඳහා කලගුණ සැලකීමක් ලෙස 2009 සහ 2010 කාලයේදි සුදර්මා කරුණාරත්න ශ‍්‍රී ලංකා රේගු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඉතාමත් ටික කාලයකට පත්කර තිබේ. එම පත්කිරීම කරන ලද්දේ රටට හිමි විය යුතු අතිවිශාල අපනයන ආදායමක් මහින්ද රාජපක්ෂ පවුලට ලබා ගැනීම සඳහාය.‍පසුව මෙම තැනැත්තියට  අමාත්‍යාංශ ලේකම්ධූරයක් ලැබී තිබේ. යහපාලන රජය යටතේද මෙම සුදර්මා කරුණාරත්නට බලශක්ති අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් තනතුරක් හිමිව ඇත.

විශ්‍රාමික වයසද පසුකර තවදුරටත් රාජ්‍ය තනතුරු දරමින් වංචා දූෂණවලට සම්බන්ධව සිටින මෙම තැනැත්තිය සම්බන්ධයෙන්  විනය පරීක්ෂණයක් සිදුකර ඇයට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන මෙන් ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සේවක පිිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

තවද එම ලිිපියේ පිටපතක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, වංචා විමර්ශය අංශය, අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව සහ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත යොමුකර තිබේ

(under the courtesy of srilankamirror.lk news web)

More News »